“ගරිල්ලා මාකෙටින්”, “අග්නිදාහය”, “සමනල සංධ්වනිය”, “ඝරසරප”, “මහරජ ගැමුණු”, “මිදුණු විශ්වය”, දේවි කුසුමාසන.. වැනි සිනමා නිර්මාණ ලාංකීය ප්‍රේක්ෂකයන්ට දායාද කළ සම්මානනීය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගේ මීළඟ සිනමා නිර්මාණය වන " සමහරු සහ සමාගම" (Some and Co.) චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ JAIC Hilton හිදී උත්සවාකාරයෙන් පැවැත්වුණා.
බුද්ධික ජයරත්න, උමාලි තිලකරත්න, හේමාල් රණසිංහ, සනත් ගුණතිලක, සුදත් ඇන්තනී, ප්‍රියන්ත සිරිකුමාර ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, පබෝධා සන්දීපනී, අයිශාරා අතුකෝරළ, සේමිණි ඉද්දමල්ගොඩ, චිලි තිවංක,දිනිති වල්ගම... වැනි ජනකාන්ත නළු නිළියන් පිරිසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.
ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා දිවියේ 9 වන සිනමා නිර්මාණය වන "සමහරු සහ සමාගම" චිත්‍රපටයේ කතාව හා තිර රචනයද ජයන්ත චන්ද්‍රසිරි විසින් සිදු කොට තිබෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ OSMO Creations සහ CeyFlix වෙනුවෙන් අසිත රොහාන් හා ප්‍රදීප් ජයවීර යන දෙපළයි.
චිත්‍රපටයේ රූගත කිරීම් එළඹෙන මාර්තු මාසයේ ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙන අතර,
ජයන්ත චන්ද්‍රසිරිගේ “The Hidden City” චිත්‍රපටය ද ලබන වසරේදී තිර ගත වීමට නියමිතව තිබීම විශේෂත්වයක්.
මතු දැක්වෙන්නේ පසුගියදා පැවති "සමහරු සහ සමාගම" චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්>>
(ඡායාරුප මත click කිරීමෙන් ප්‍රමාණය විශාල කොට නැරඹිය හැකියි.)
https://mirrorarts.lk/news/12062-2025-12-15-05-43-07#sigProIda6150552f1



