1995 වර්ෂයේ ඇකඩමි සම්මානය දිනූ Brave Heart චිත්‍රපටයේ නාමය ඉක්මවා ජනප්‍රියත්වයට පත්වූ මෙල් ගිබ්සන් නම්වන අසහාය හොලිවුඩ් රංගන ශිල්පියා අද සිය දිවියේ 60 වැනි උපන්දිනය අද දින සමරයි. දක්ෂ රංගන ශිල්පියෙක් පමණක් නොව අධ්‍යක්ෂකවරයෙක්ද වන මෙල් ගිබ්සන් ලංකාවේ හොලිවුඩ් චිත්‍රපට රසිකයන් අතරද ඉතා සුප්‍රසිද්ධ චරිතයක් බව රහසක් නොවේ.
නිව්යෝර්ක් නුවර, පීක්ස්කිල් නගරයේදී 1956 උපන් මෙල් ගිබ්සන් වයස අවුරුදු 12 දී සිය පවුලේ සාමාජිකයන් සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන අතර එහිදී ජෙෆ්රි රශ් සමග ජාතික නාට්‍ය කලා ආයතනයේ අධ්‍යාපනය ලැබූ මෙල් ඉතා ඉක්මණින් දක්ෂ නළුවෙක් බවට පත්වන ලකුණු පෙන්වන්නට විය.
රොබින් ඩෙනිස් සමග විවාපත්වන මෙල් ගිබ්සන්ගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය බවට පත්වන්නේ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කර රංගනයෙන් දායක්වය දැක්වූ Brave Heart චිත්‍රපටයයි. ඊට අමතරව ෆැෂන් ඔෆ් ද ක්‍රිස්ට්, ද පේට්‍රියට්, ඇපකැලිප්ටෝ වැනි චිත්‍රපටවලට දායකවූ මෙල් ගිබිසන් අද වනවිටත් සිය රංගන ජීවිතයේ අති සාර්ථක නළුවෙකි, එමෙන්ම සාර්ථක අධ්‍යක්ෂකවරයෙකි.
ඔහුගේ තාත්වික රංගනය නිසාවෙන් මෑඩ් මැක්ස් නැමති රූපවාහිනී කතා මාලාවද ජනප්‍රිය තලයට පැමිණීම සිදුවිය. ජේෂ්ඨ හොලිවුඩ් රංගන ශිල්පීන් අතර නිහතමානී සහ නිර්මාණාත්මක මිනිසෙක්වන මෙල් ගිබ්සන්ට සුභ උපන්දිනයක් වේවා යැයි පතන්නට අප කිසිවිටක අමතක නොකරන්නෙමු.