පසුගිය දිනවල විවිධාකාරයෙන් සමාජ ජාලා අතර ප්‍රකට වූ වෙළඳ දැන්වීමක ගායනයක් තමයි මංගල මුදු මාල වළලු ගීතය.
මෙය වඩාත් සමාජ ජාලා අතර ප්‍රකට වුනේ ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී සෝනු නිගම් ගේ ගායනයයි. එය වඩාත් කතා බහට ලක්වුනේ ඔහුගේ සිංහල උච්චාරණය පිළිබඳව බොහෝ පිරිස් අදහස් දැක්වූ නිසා කෙසේ නමුත් මෙම ගායනයේ මුල් හිමිකාරිනිය රූපා ඉන්දුමතී. ඇය මේ බව පුවත්පතකට ප්‍රකාශ කර තිබුනා.
. ඇය එය ගැයුවේ 1963 වසරේ. එතකොට ඇගේ වයස අවුරුදු දහසයයි. ගුවන් විදුලියේ මැදිරි සංකීර්ණයේ පටිගත වුණු මෙය රචනා කළේ කරුණාරත්න අබේසේකර. සංගීතය ටි. එෆ්. ලතීෆ්ගේ. අවුරුදු පනස් පහකට ප්‍රථම රූපා ගැයුව එය වෙනුවෙන් විශේෂ ඇගයුමක් ඉකුත් දිනයකදී එම වෙළෙඳ දැන්වීමෙන් පැවසෙන ආභරණ ආයතනය මඟින් සිදු කරලා. රූපා ඒ ගැන කිව්වේ ඉතාම සතුටින්.
දිනක් උදෑසන මට ෂොප් එකෙන් කතා කරලා විස්තර ඇහැව්වා. මම කිව්වා මං තමයි එහි මුල් ගැයුම කළේ කියලා. ඊට යාබද දිනකදී ඔවුන් මාව සොයා ඇවිත් මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමුවා. එදා ඔවුනට කළ සේවය වෙනුවෙන් මං හිතුවේ නැහැ මාව එලෙස අගයයි කියලා. මේ මොහොතේ ඔවුනට මාව මතක් වීම ගැන හද පත්ලෙන්ම මං සතුටු වෙනවා.