ජාත්‍යන්තරයේ නමක් දිනාගත් චන්ද්‍රන් රත්නම් විසින් අධක්ෂණය කරන ලද "මැතිව්" සිනමා නිර්මාණය නොවැම්බර් 28 දින ලංකාවේ තිරගත කිරීම ආරම්භ වෙයි.
මෙහි විශේෂත්වය වන්නේ කලකට ඉත දී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් වූ රසල් ඉන්ග්‍රම් ඝාතන නඩුව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමය. කින්සි පාරේ St Paul the Apostlපල්ලියේ පූජකවරයෙකුව සිටි මැතිව් පීරිස් නම් වූ පූජකවරයෙක් විසින් සිය බිරිඳ වූ Eunice Pieris හා තම පෙම්වතියගේ සැමියා වූ Russel Ingram ව ඝාතනය කිරීම 1979දී සිදුවිය.මෙම ඝාතන නඩුව එකළ ලංකාවේ ප්‍රසිද්ධ නඩු විභාගයක් ද විය. එම සිද්ධි දාමය කේන්ද්‍රකොට ගෙන Christie Eliezer සහ James Rutnam විසින් තිරරචනය කරන ලද 'මැතිව්ස්' සිනමා නිර්මාණ්ය චන්ද්‍රන් රත්නම් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කර ඇත.
ලංකාවේ දී මිස් ශ්‍රීලංකා වූ ජැකලීන් මාධ්‍යවේදිණියක ලෙස ද කලක් කටයුතු කළාය.ජැකලින් ෆර්ඩිනන්ස් බොලිවුඩයේ තාරකාවක් වීමෙන් පසු තම මව්බිමෙහි අධ්යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක දායක වීමද මෙහි විශේෂත්වයකි. ජැකලින් සමග හොලිවුඩයේ Alston Koch ,Kian O'Grady සහ බිමිසරා පේ‍්‍රමරත්න මෙහි රංගනයෙන් දායක වේ.
කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහගෙනි.
CELප්‍රදර්ශන මණ්ඩලයේ තිරගත වන මෙම චිත්‍රපටය මෙරට පේ්රක්ෂකයන්ට නවමු අත්දැකීමක් ලබාදෙනු නිසැකය.