“පෞර” කෙටි චිත්‍රපට උළෙලට නිර්මාණ භාර ගැනේ
ප්රජාතන්ත්රවාදය පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යංශය හා කැලණිය සරසවිය එක්ව “පෞර” නමින් කෙටි චිත්‍රපට උළෙලක් සංවිධාන කර තිබේ.
එහි කෙටි චිත්‍රපට තරගාවලියට විවෘත හා පාසල් යන අංශ දෙක යටතේ නිර්මාණ යොමු කළ හැකි ය.
උපරිම කාලය විනාඩි 5 ක් විය යුතු අතර භාෂාත්‍රයෙන්ම හෝ නිහඬ මාධ්‍යයෙන් නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය.
නිර්මාණ භාර ගන්නා අවසන් දිනය මැයි 15 වැනිදා වේ.
සිනමා උළෙල ජුනි 8 වැනිදා පවත්වන අතර ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් යටතේ තෝරා පත්කරගන්නා ජයග්රාහි කෙටි චිත්‍රපට එදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ප්‍රදර්ශනය කරනු ලැබේ.
වැඩි විස්තර සඳහා www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.