ප්රකට සිනමා අධ්යක්ෂ ජෝන් සින්ගල්ටන් අභාවප්රාප්ත වෙයි
ඔස්කාර් නිර්දේශ ලත් සිනමා අධ්යක්ෂ ජෝන් සින්ගල්ටන් අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට 51 හැවිරිදි වියේ පසුවූ ඔහු Boyz N The Hood, Shaft වැනි චිත්රපට ඔස්සේ ජනප්රියත්වයට පත් විය.
රුධිර නාල අවහිර වීමක් නිසා රෝහල් ගත කළ ජෝන් සින්ගල්ටන් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලැබූ අතර ජිවිත ආධාරක ඉවත් කර ටික වෙලාවකින් පසුව ඔහු මියගිය බව එම පවුල විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ලොස් ඇන්ජලිස් නුවර උපත ලද ජෝන් සිය පළමු වෘතාන්ත සිනමා නිර්මාණය වන Boyz N The Hood වෙනුවෙන් 1992 දී ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ ලැබුවේ ය. ඒ අනුව හොඳම සිනමා අධ්යක්ෂණයට ඇකඩමි නිර්දේශ ලත් පළමු අප්රිකානු- ඇමරිකානු ජාතිකයා ඔහු විය.
ලොව පුරා වෙසෙන කලාකරුවන් රැසක් ඔහුගේ හදිසි අභාවය පිළිබඳ ශෝකය පළ කර තිබේ.