BP ආලේඛ්‍ය සිතුවම් තරගයේ අවසන් වටයේ නිර්මාණ ප්‍රකාශයට
සිය සුනඛයා සමඟ සිටින ඡායාරූප ශිල්පිනියකගේ නග්න රුවක් සහ 95 හැවිරිදි මිත්තණියකගේ රුවක් දැක්වෙන සිතුවම් දෙකක් මෙ වසරේ BP ආලේඛ්‍ය සිතුවම් තරගයේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා තිබේ.
එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ජාතික ආලේඛ්‍ය සිතුවම් කලාගාරය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරගය සඳහා මෙවර රටවල් 84ක් නියෝජනය කරමින් නිර්මාණ 2500 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතුරින් අවසන් වටය සඳහා නිර්මාණ හතරක් සුදුසුකම් ලබා ඇත.
පවුම් 35,000ක ත්‍යාග මුදලක් හිමිවන ජයග්‍රහකයා, ජූනි 10 වැනිදා නිවේදනය කිරීමට නියමිත ය.
අවසන් වටයට සුදුසුකම් ලැබූ ආලේඛ්‍ය සිතුවම් පහතින්,
Massimiliano Pironti'sගේ “Quo Vadis?” නම් ආලේඛ්‍ය සිතුවම
Carl-Martin Sandvoldගේ “The crown” නම් ආලේඛ්‍ය සිතුවම
Charlie Schafferගේ “Imara in her Winter Coat” නම් ආලේඛ්‍ය සිතුවම
Emma Hopkinsගේ “Sophie and Carla” නම් ආලේඛ්‍ය සිතුවම