ප්‍රකට රූපවාහිනී සම්ප්‍රවේශක ලැරී කිංග් සුව අතට
හදිසියේ රෝගී වීම නිසා රෝහල් ගත කළ ප්‍රකට රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රවේශක ලැරී කිංග් මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
පපුවේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර ඇති අතර එය හෘදයාබාධ තත්වයක් නොවන බවයි වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ.
සම්පුර්ණ සුවය ලබා ඉක්මනින් රෝහලින් පිටවීමට ඔහුට හැකියාව ලැබෙනු ඇති බව වැඩිදුරටත් වෛද්‍යවරු පවසා තිබෙනවා.
85 හැවිරිදි වියේ පසුවන ඇමරිකානු ජාතික ලැරී කිංග්, කිහිප වරක්ම හෘදයාබාධ තත්වයන්ට මුහුණ දුන් අතර 1987 දී බයිපාස් සැත්කමකට ද මුහුණ දුන්නේ ය.
1950 ගණන්වල දී ගුවන්විදුලියෙන් සිය වෘත්තීය දිවිය අරඹන ලැරී, 1978 දී ආරම්භ කළ “The Larry King Show” ගුවන්විදුලි වැඩසටහන නිසා ජනප්‍රියත්වයක් අත්කරගත්තේ ය.
1985 දී ආරම්භ කළ “Larry King Live” රූපවාහිනී වැඩසටහන CNN නාලිකාව ඔස්සේ කතාංග 6000ක් විකාශනය කරන ලදී.