“ලන්ඩන් ට්‍රාන්ස් ප්‍රයිඩ් 2019” සැණකෙළිය සැප්තැම්බරයේ දී
ලිංග විපර්යාසයට ලක් වූ ප්‍රජාවේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන සැණකෙළියක් පළමු වරට ලන්ඩනයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ලන්ඩන් ට්‍රාන්ස් ප්‍රයිඩ් 2019 ලෙස නම් කර ඇති මෙම උළෙල සැප්තැම්බර් 14 වැනිදා හැක්නි හිදී පැවැත්වීමට නියමිත යි.
සජීව සංගීත ප්‍රසංග, නර්තන, LGBTQIA+ සංවිධාන විසින් පවත්වන වෙළඳ සැල්, කතිකා, කලාකෘති ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් විශාල ප්‍රමාණයක් මෙම සැණකෙළියේ දී දැකගත හැකිවනු ඇත.
ලිංග විපර්යාස විරෝධී ව්‍යපාර පසුගිය වසරේ දී මෙම උළෙල කඩාකප්පල් කිරීම මෙවර එය දැවැන්ත ලෙස සංවිධාන කිරීමට හේතු වූ බව එහි සංවිධායකයෝ පවසති.
මෙම සැණකෙළිය පිළිබඳ වැඩි විස්තර ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිත ය.