රංග බණ්ඩාරනායකගේ “නිහැඬියාව”ට ජාත්‍යන්තර සම්මානයක්
රංග බණ්ඩාරනායකගේ “නිහැඬියාව” (The Silence) නම් වාර්තා සිනමාපටය රුසියාවේ මොස්කව් නුවර පැවති සම්මාන උළෙලක දී රන් සම්මානයකින් පිදුම් ලබා තිබේ.
නීතිය බලාත්මක කිරීමේ තේමාවන් රැගත් රහස් පරීක්ෂක චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ 12 වැනි අන්තර්ජාතික උළෙලේ(Detective Fest) “සිවිල් සමාජය”- සිවිල් අයිතීන් උදෙසා සිදුකරන අරගලය වෙනුවෙන් කැපවුණු වාර්තා චිත්‍රපට යන තරග අංශය යටතේ ඔහුට මෙම රන් සම්මානය හිමිව ඇති බව මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
අප්‍රේල් 22 සිට 28 දක්වා මොස්කව් නුවර දී පැවැත්වුණු සිනමා උළෙලට රටවල් 78ක් නියෝජනය කරමින් අංශ 12 ක් යටතේ සිනමාපට සහ රූපවාහිනී වැඩසටහන 1218ක් ඉදිරිපත් කර තිබුණු අතර වෘතාන්ත චිත්‍රපට(දිගු හා කෙටි), වාර්තා චිත්‍රපට සහ ටෙලිමාලා, ඇනිමේෂන් චිත්‍රපට, තේමානුගත රූපවාහිනී වැඩසටහන් උළෙල සුදුසුකම් ලබා තිබුණි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් නිර්මාණ 6ක් Detective Fest සඳහා ඉදිරිපත් කර තිබුණි. අතුල පීරිස්ගේ “Shadows” සහ රංග බණ්ඩාරනායකගේ “Pots of Milk” කෙටි චිත්‍රපට කාණ්ඩයක් යටතේ ද, ශිරාන් රත්නායකගේ “A Taste of Ceylon Tea” සහ රංග බණ්ඩාරනායකගේ “The Silence” වාර්තා චිත්‍රපට කාණ්ඩයක් යටතේ ද, නිශාදි රුවන්මලීගේ “The Swallow Nest Racket” සහ “The Elephant Story” යන නිර්මාණ ඒ අතර විය.
සිනමා උළලේ දී දෙවනියට වැඩිම සම්මාන හිමිකරගැනීමට මෙරට නිර්මාණවලට හැකියාව ලැබුණු අතර ඔවුන් තමන් සතු කරගත් සමස්ත සම්මාන ගණන 5කි.