NPASSL 43 වැනි වාර්ෂික ඡායාරූප තරගයට කෘතීන් භාරගන්නා දින දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 43 වැනි වාර්ෂික ඡායාරූප තරගය හා ප්‍රදර්ශනය සඳහා කෘතීන් බාර ගැනීම මැයි 26 වැනිදා තෙක් කල් දමා තිබේ.
ආධුනික ඒකවර්ණ, ආධුනික වර්ණ, විවෘත ඒකවර්ණ, විවෘත වර්ණ, සොබා දහම වනජීවී හා භුමි දර්ශන ඡායාරූප, සංචරණ ඡායාරූප යන අංශ යටතේ ඡායාරූප ඉදිරිපත් කළ හැකි අතර එක් අංශයකින් ඉදිරිපත් කළහැකි උපරිම කෘති සංඛ්‍යාව හතර කි.
විද්‍යුත් තැපැල් මාර්ගයෙන් එවන්නේ නම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට ද CD/DVD ලෙස එවන්නේ නම් සංඛ සම්මාන, ප්‍රදර්ශන අධ්යක්ෂ, 29/19, සරසවි උද්‍යානය, යහම්පත් මාවත, මහරගම යන ලිපිනයට ද ඡායාරූප එවිය යුතු ය.
තරගය සම්බන්ධ වැඩි විස්තර දැනගැනීම සඳහා http://www.npassrilanka.org/exhibition.html වෙබ් අඩවියට පිවිසෙන්න.