ළඟදීම එන තට්ටු දෙකේ ඉස්කෝලේ
ලලිත් රෝහිත එදිරිසිංහගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “තට්ටු දෙකේ ඉස්කෝලේ” රූගත කිරීම් මේ වනවිට නිම කර ඇති බවට වාර්තා වෙනවා.
වැසුණු පාසලක්, මතකයන් රැසක් එකතු කළ සියඹලා ගසක් සහ මහලු මුරකරුවෙක් වටා නිර්මාණය වූ මෙම චිත්‍රපටයට ජගත් චමිල, දමිතා අබේරත්න, මංජුලා කුමාරි, වොල්ගා කල්පනී,සුර්යා දයාරුවන්, ෆර්නි රෝෂිනි, අයෝධ්‍යා ලක්ෂිකා, ජනක ප්‍රේමලාල්, අවන්ති අපොන්සු, නයනා හෙට්ටිආරච්චි, ප්‍රියන්ත සිරිකුමාර, ජයන්ත වාසල, අංජලි ලියනගේ, තරුෂි පෙරේරා, ෂෙල්ටන් කැකුණවල ඇතුළු පිරිසක් රංගනයෙන් දායක විය.
මිට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ළමයින් 12 දෙනකු ද මේ සඳහා රංගනයෙන් එක් වී ඇත.
කැමරාකරණය මයුර කාරියවසම්, කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල්, අංග රචනය උහාන් ඔවිටිගේ, සහාය අධ්‍යක්ෂණය ජයන්ත අබේරත්න සහ අමිල ප්‍රේමරත්න, සංස්කරණය ප්‍රවීන් ජයරත්න විසිනි.