ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපරාමු අතර තනිවුණු Starbucks කෝපි කෝප්පය
ලෝක ප්‍රකට ටෙලි මාලාවක් වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි 8 වැනි කතා මාලාවේ සිව් වැනි කතාංගය “The Last of the Starks” පසුගිය සති අන්තයේ දී HBO නාලිකාව ඔස්සේ විකාශනය විය.
නයිට් කිංග් පරාජය කිරීමෙන් අනතුරුව වින්ටර්ෆෙල් හි පැවති සාදයේ රූප රාමු අතර නුපුරුදු යමක් ප්‍රේක්ෂකයාගේ උකුසු ඇසට හසු වී තිබුණේ මේ අතරවාරයේ දී යි.
මකර මව් ඩැනේරිස් ටාගේරියන්, ඒගොන් ටාගේරියන් (ජෝන් ස්නෝ) සහ ටෝමුන්ඩ් ප්‍රධාන ශාලාවේ සිටින රූප රාමුවක මේසයක් මත Starbucks කෝපි කෝප්පයක් දක්නට ලැබීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කර තිබුණි.
සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වුණු උණුසුම් ප්‍රතිචාර හමුවේ තමන් අතින් සිදු වූ අතපසුවිම පිළිගැනීමට ටෙලි මාලාවේ නිෂ්පාදකයින් කටයුතු කර තිබුණේ හාස්‍ය මුසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
“වින්ටර්ෆෙල් පුවතක්, කතාංගයේ දකින්න ලැබුණු ලතේ කෝප්පය අත්වැරදීමක්. #Daenerys ඇනවුම් කරලා තිබුණේ ඖෂධිය තේ එකක්.”
කෙසේ වෙතත් පසු විකාශනයේ දී Starbucks කෝපි කෝප්පය රූපරාමු වලින් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.