ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශිත කෘති නම් කෙරේ
සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය “ස්වර්ණ පුස්තක සම්මාන” අවසන් වටය සඳහා නිර්දේශිත කෘති 5ක් අද (16) දින ප්‍රකාශයට පත් කෙරුණි.
අවසන් වටයට තේරී පත්වූ කෘති නම්,
- ගුම් - බටුවන්ගල රාහුල හිමි - සදීපා ප්‍රකාශන
02. ධරණී - කත්‍යානා අමරසිංහ - සුරිය ප්‍රකාශන
03. අදිසි නදිය - කපිල කුමාර කාලිංග - ෆාස්ට් පබ්ලිෂින්
04. අව පෑළවිය - දීප්ති මංගලා රාජපක්ෂ - ගොඩගේ ප්‍රකාශන
05. වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි - සරසවි ප්‍රකාශන
අවසන් පූර්ව වටය සඳහා තිරංජනි සුනේත්‍රා රාජකරුණානායකගේ මියුරු හඬ , ප්‍රියංකා අමරතුංගගේ සප්න, චමින්ද වෙළගෙදරගේ සන්තිපරං, බටුවංගල රාහුල හිමිගේ ගුම්, කත්‍යානා අමරසිංහගේ ධරණි, දීප්ති මංගලා රාජපක්ෂගේ අව පෑලවිය, දර්ශනා ශම්මි විජේතිලකගේ මන්දාරම් උයන, ශමෙල් ජයකොඩිගේ වීනස්ගේ උපත, කපිල කුමාර කාලිංගගේ අදිසි නදිය, චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ මා, ශාන්තී දිසානායකගේ පුළිඟු, ප්‍රේමකීර්ති රණතුංගගේ මලබාර් නෑයෝ යන කෘති 12ක් නිර්දේශ වී තිබුණි.
කෙසේ වෙතත් සුනේත්‍රා රාජකරුණානායකගේ මියුරු හඬ කෘතියට අදාළ නිර්මාණය මින් පෙර පුවත්පතක පළ වී තිබූ බවට ලද පැමිණිල්ලකට අනුව එම කෘතිය අවසන් පූර්ව නිර්දේශ අතුරින් ඉවත් කෙරුණි.
ශ්‍රී ලංකා පොත් ප්රකාශයන්ගේ සංගමය විසින් 13 වැනි වරට ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සංවිධාන කරනු ලබයි.