මෙවර යාපන සිනමා උළෙලේ තරග වදින කුළුඳුල් සිනමාපට මෙන්න
මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශය යටතේ කුළුඳුල් සිනමා නිර්මාණ කාණ්ඩය නියෝජනය කරන චිත්‍රපට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සම්මාන උදෙසා සුදුසුකම් ලත් සිනමාපට නම්,
රෝයා සාදත්ගේ “A Letter To The President” (2017) - ඇෆ්ගනිස්ථානය
බිනෝද් පවුදන්ගේ “Bul Bul” (2018) - නේපාලය
අමිතාබ් චැටර්ජිගේ “ Manohari & I” (2018) - ඉන්දියාව
ඩස්ටින් ෆෙනලේගේ “Stray” (2018) - නවසීලන්තය
ප්‍රදීපන් රවින්ද්‍රන්ගේ “Soundless Dance” (2018) - ශ්‍රී ලංකාව
ටෂි යෙල්ෂෙන්ගේ “The Red Phallus” (2018) - භූතානය
“Sincerely Yours Dhaka” (2018) නම් බංග්ලාදේශ චිත්‍රපටය
සුබා සිවකුමාරන්ගේ “House of My Father’s” (2018) - ශ්‍රී ලංකා, ප්‍රංශ
අශෝක අතාවුදහෙට්ටිගේ “Like a Mountain” (කන්දක් සේමා-2019) - ශ්‍රී ලංකා
බෙනඩික් මික්ගේ “ML” (2018) - පිලිපීනය
සැප්තැම්බර් 3 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වෙන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ දී මෙම සිනමාපට ප්‍රදර්ශනය කෙරේ.
එසේම කුළුඳුල් සිනමා නිර්මාණ උදෙසා පිරිනමන සම්මාන වෙනුවෙන් ජාත්‍යන්තර විචාරක ජූරියක දායකත්වය හිමිවන බව සංවිධායකයින් පවසයි.
යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සංවිධාන කරනු ලබන්නේ 5 වැනි වරට ය.