විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ විශිෂ්ටතම නවකතාව “මකරානන්දය”
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සරයට සමගාමිව සංවිධාන කළ “විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල 2019” අද (03) පස්වරුවේ එම විශ්ව විද්‍යාලයේ දී පැවැත්වුණි.
සිව් වසරකට පසුව පැවැත්වුණු මෙම සම්මාන උළෙලේ දී විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය පද සංග්‍රහය, විශිෂ්ටතම කෙටිකථා සංග්‍රහය, විශිෂ්ටතම නවකතාව සහ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය යන කාණ්ඩ පහක් යටතේ සම්මාන පිරිනැමුණි.
එම ජයග්‍රාහකයන් මෙසේ ය,
විශිෂ්ටතම නවකතාව - විරාජිනී තෙන්නකෝන් ලියූ “මකරානන්දය”
විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය - ප්‍රභාත් ජයසිංහ ලියූ “ස්වර්ණකාය”
විශිෂ්ටතම ගේය පද සංග්‍රහය - නිලාර් එන්. කාසිම් ලියූ “සරස වසන්තය”
විශිෂ්ටතම පද්‍ය සංග්‍රහය - ටිම්රාන් කීර්ති ලියූ “පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි ඇළකට”
විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය - සුන්දර නිහතමානි ද මැල් ලියූ “ මානිගේ තීරුව”