ප්රංශ සිනමා අධ්යක්ෂ පොලන්ස්කි “දරුණු” ලිංගික අපරාධ චෝදනා ප්රතික්ෂේප කර යි
1970 ගණන්වලදී ප්රංශ රංගන ශිල්පිනියකට ලිංගික අපරාධ කළේ යැයි සිදු කළ ප්රකාශයක් සිනමා අධ්යක්ෂ රෝමන් පොලන්ස්කි විසින් ප්රතික්ෂේප කර තිබේ.
අධ්යක්ෂවරයාට එරෙහිව පසුගියදා මෙම ලිංගික හිරිහැර චෝදනා එල්ල කළේ වැලන්ටයින් මෝනියර් විසිනි.
1975 වසරේ ස්විට්සර්ලන්තයේ Gstaad හි පිහිටි ඔහුගේ නිවසේ දී 18 හැවිරිදි වියේ පසුවූ තමන්ට “අතිශය දරුණු” හිරිහැර සහ ලිංගික අපරාධ සිදු කළේ යැයි මේ වනවිට ඡායාරුප ශිල්පිනියක ලෙස කටයුතු කරන මෝනියර් චෝදනා කර යි.
එම චෝදනා ප්රතික්ෂේප කරන 86 හැවිරිදි සිනමා අධ්යක්ෂ පොලන්ස්කි ඇයට විරුද්ධව නඩු පවරන බවට ද තර්ජනය කර ඇත.
ප්රංශ පුවත්පතක් වන “Le Parisien” හි පළ වූ ලිපියක මෝනියර් සඳහන් කරන්නේ, මෙම සිදුවීම ගැන කිසිවකුට නොපවසන ලෙසට ඇයගෙන් පොරොන්දු ලබාගත් බව යි.
1977 දී 13 හැවිරිදි දැරියක සමඟ නීති විරෝධී ලිංගික සම්බන්ධයක් පැවැත්වූ බවටත් අභියාචනය නිෂ්ප්රභා වේ යැයි බියෙන් ඇමරිකාවෙන් පලා ආ බවත් පොලන්ස්කි මින්පෙර පිළිගෙන ඇත.
ඔස්කාර් සම්මානලාභී රෝමන් පොලන්ස්කි ඇකඩමියට එරෙහිව නඩු මගට