‘‘විජයබා කොල්ලය’’ ගැන CSR සිනමා කතිකාව කල් යයි
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) මාධ්‍ය අංශය මූලිකත්වයෙන් සංවිධාන කරනු ලබන මාසික සිනමා දැක්ම හා කතිකාවෙහි ප්‍රදර්ශනය කිරීමට නියමිත වූ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘‘විජයබා කොල්ලය’’චිත්‍රපටය තවමත් සිනමාශාලා කිහිපයක ප්‍රදර්ශනය වන නිසා එය නොමිලේ පෙන්වීමට නීතිමය බාධාවක් ඇති බැවින් වැඩසටහන කල්දැමීමට සිදුවූ බව එම ආයතනය නිවේදනය කර තිබේ.
ඒ අනුව නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත වූ සිනමා කතිකාව ජනවාරි මස 25 වන සෙනසුරාදා තෙක් කල් දමා ඇත.
“චිත්‍රපටය නොපෙන්වා සංවාදය සිදු කළ හැකි වුව ද එය අසාර්ථක හා ප්‍රායෝගික කාර්යක් නොවන බව අපට පෙනී ගියෙන් මෙම නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ ‘‘විජයබා කොල්ලය’ චිත්‍රපටය සම්බන්ධ විද්වත් කතිකාව ජනවාරි මස 25 වන සෙනසුරාදා දින දක්වා කල් දැමූ බවත් එදින චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමත් සමගම සංවාදය පවත්වන බවත් දැනුම් දීමට කැමැත්තෙමු.” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
එසේම, සිදුවූ අපහසුතාවය පිළිබඳව CSR ආයතනය කණගාටුව ප්‍රකාශ කර තිබේ.