ප්‍රවීන ලේඛක සහ රූපවාහිනී සම්ප්‍රවේෂක ක්ලයිව් ජේම්ස් අභාවප්‍රාප්ත වෙයි
80 හැවිරිදි වියේ පසුවූ ප්‍රවීන ඕස්ට්‍රේලියානු ලේඛක සහ රූපවාහිනී සම්ප්‍රවේෂක ක්ලයිව් ජේම්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
තමන් ලියුකේමියා රෝගියෙක් බව 2010 දී හඳුනා ගැනීමෙන් පසු ඔහු සිය ජිවිතයේ අවසන් අවුරුදු කිහිපය ගත කළේ මෙම මාරාන්තික රෝගය පිළිබඳ ලිවීමට ය.
1939 දී විවියන් ජේම්ස් නමින් උපන් ඔහු 1961 දී එංගලන්තයට සංක්‍රමණය වීමෙන් පසු සාහිත්‍ය විචාරකයෙක් සහ රුපවාහිනී සම්ප්රවේෂකයෙක් ලෙස ක්‍රමයෙන් ක්ෂේත්රය තුළ නමක් දිනා ගැනීමට සමත් විය.
“ක්ලයිව් ජේම්ස් ඔන් ටෙලිවිෂන්” වැනි ලෝක ප්‍රකට රූපවාහිනී වැඩසටහන් ඔස්සේ ඔහු ජනාදරයට පත්වී ය.
එංගලන්තයේ කේම්බ්‍රිජ් හි පිහිටි නිවසේ දී 24 ඉරිදා ක්ලයිව් ජේම්ස් ජිවිතයෙන් සමුගෙන ඇති බවත් ඊයේ (27) දින පෞද්ගලික අවමංගල්‍ය උත්සයක දී ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.