ජුලියාගේ පින්සලින් නැවත පණ ලද මහලු ඉන්දීය කත
රුසියානු චිත්‍ර ශිල්පිනියක වන ජුලියා වොල්ච්කෝවා වඩාත් ප්‍රසිද්ධ විදී සිතුවම් ශිල්පිනියක ලෙසට ය.
කුඩා කළ පටන් සිතුවම්කරණයට දක්ෂ තැනැත්තියක් වූ ඇය සිය මුල්ම බිතු සිතුවම නිර්මාණය කරන්නේ වර්ෂ 2013 යුක්රේනයේ දී යි. එතැන් පටන් මහා පරිමාණ චිත්‍ර ඇඳීමේ ප්‍රසිද්ධියක් ලද ජුලියා අද වනවිට ලොව පුරා රටවල් ගණනාවක සිතුවම් ඇඳ තිබෙන්නී ය.
එම රටවල් අතරට රුසියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ඩුබායි, ඔස්ට්‍රේලියාව, මෙක්සිකෝව, ඉතාලිය, ස්පාඤ්ඤය,බෙල්ජියම අයත් වේ.
මිට වසර කිහිපයකට ඉහතදී මැලේසියාවේ සංචාරය කළ අවස්ථාවක ජෝර්ජ්ටවුන් නම් ප්‍රදේශයේ විදි බැම්මක ඇය මහලු ඉන්දීය කාන්තාවකගේ රුවක් සිතුවම් කළා ය.
වසර කිහිපයක් ගිය තැන දුර්වර්ණව, විනාශ වී තිබු එම සිතුවම ප්‍රතිසංස්කරණ කිරීමට පසුගියදා ජුලියා කටයුතු කර තිබුනේ මෙලෙසිනි.
https://mirrorarts.lk/news/6100-julia-street-art-191204#sigProId90bf40c48a