ශ්‍රී ලංකා රජය රජිනි කාන්ත්ගේ වීසා ප්‍රතික්ෂේප කළ කතාව බොරුවක්
සුපිරි කොලිවුඩ් නළු සහ ප්රමුඛ පෙලේ තමිල්නාඩු දේශපාලන ක්‍රියාකාරික රජිනි කාන්ත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉදිරිපත් කළ විසා අයදුම්පත මෙරට රජය විසින් ප්‍රතික්ෂේප කළ බවටත්, ඔහුට විසා ලබා නොදීමට රජය තීරණය කළ බවටත් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය ඒවා බවට වාර්තා වේ.
උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ඉකුත් ඉරිදා (12) දින ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රජිනි කාන්ත්ගේ නිවසේ දී ඔහු මුණගැසී ඇති අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සහ මෙරට දමිල ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව “ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්” පුවත් සේවය වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස හිටපු අමාත්‍යවරයා එහිදී රජිනි කාන්ත්ට ආරාධනා කර තිබේ. කෙසේ නමුත් එම ආරාධනය බාරගත් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර නැති අතර එම හමුවේ දී සාකච්ඡා කළ කරුණු පිළිබඳ නිළ ප්‍රකාශයක් මෙතෙක් මාධ්‍ය වෙත ලබා දී නැත.