හිරු දෙවියන් පිදෙන තෛපොංගල් උත්සවය අද යි
ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් විසින් මහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අද (15)ට යෙදී තිබේ.
හින්දු දින දර්ශනයට අනුව තෛපොංගල් දිනය යනු වසරේ පළමු දිනයයි. හින්දු බැතිමතුන් තම පළමු අස්වැන්න හිරු දෙවියන්ට පුජා කිරීම සුර්ය මංගල දිනය දා සිදු කරනු ලැබේ.
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කරගනිමින් සශ්රිකත්වය ළඟා කරගැනීම උදෙසා හිරු දෙවියන් ලබාදුන් ශක්තියට කෘතගුණ සලකමින් හිරු දෙවියන් උදෙසා පුද පුජා පැවැත්වීම තෛපොංගල් දිනය දා සිදු කෙරේ.
ස්වභාවධර්මයා සමඟ සම්බන්ධව සිදු කෙරෙන මෙම පූජා උත්සවයට හින්දු සංස්කෘතියේ ප්රමුඛ ස්ථානයක් හිමි වේ.